Wednesday, July 27, 2011

HTML. (Article 2)


HTML ගැන කලින් දාපු ලිපිය බලන්න මෙතනින් යන්න.

මගෙ Best Friend කෙනෙක් පොඩ්ඩක් මාත් එක්ක. තරහ වුනා ඒකයි Post එක දාන්න පරක්කු වුනේ.

මේ මගින් අද අපි බලන්නේ වෙබ් පිටුවේ Text එකක් Type කිරිමෙදි එයට අවෂ්  වන කේතයන්ය. පහත ඇති Codes බලන්න.

<center>            = මෙම Code එක මගින් Type කරන Text එක මැදට කර Type  කල හැක.

<font size = "10" color = "red">     = මෙම Code එක මගින් Type කරන Text එකෙහි විෂාලත්වයත්(Font size) , පාට වෙනස් කිරීමත් සිදු කල හැක. මෙහි 10 හා red යන තැන් වලට තමන්ට කැමති පාටක් හො අන්කයක් යෙදිය හැකිය .

<B>                     =    මෙම Code එක මගින් Type කරන Text එක Bold කල හැක.

<I>                       =    මෙම Code එක මගින් Type කරන Text එක Italic කල හැක.

<U>                      = මෙම Code එක මගින් Type කරන Text එක Underline කල හැක.

<br>                      =මෙම Code එක මගින් Type කරන Text දෙකක් අතර පරතරයක් තැබිය හැකිය.

මෙම බාවිතා කිරිමෙන් පසු එය වැසීම පහත අකරයට සිදු කල යුතුය.
</font>  
 </B>  
 </center>    
</I>    
</U>  

මෙම Codes බාවිතා කරන ආකාරය පිලිබද නිදසුනක් පහත දක්වා ඇත.

<center><font size = "10" color = "red"><B>My Web Page</font></B></center>
<br>        
<center><font size = "10" color = "red"><B>First Web Page</font></B></center>
තවත් පාඩමකින් නැවත හමු වෙමු.








Thursday, July 21, 2011

HTML. (Article 1)

                                                            HTML.    (Article 1)

HTML හදින්වීම.
ලොව පුරම ව්‍යාප්තව පවතින ලොවෙහි අති විෂාලම ජාලය වන්නේ අන්තර්ජාලයයි.මෙම ජාලය ලොක ව්‍යාප්ත ජාලය (World Wide Web) ,Social Networks , News Group , වැනි විවිධ උප කොටස් වලින් සමන්විතය.මෙවැනි උප කොටස් සියල්ලම වෙබ් අඩවි හරහ විකාෂනය වන අතර මෙම වෙබ් අඩවි නිර්මානය කිරීමේදී යොදාගත් ප්‍රාතමික භාෂාව ලෙස HTML හැදින්විය හැක.

HTML  ඉතිහාසය.
භාෂාව සොයාගත්තේ 1989 දී ශ්‍රීමත් ටිම් බර්නර් ලී සහ රොබට් කැලියු යන දෙදෙනා විසිනි.1993 දී HTML 1 ,1995 දී HTML 2 , 1997 දී HTML 3.2, 1999 දී HTML 4.0, නිකුත් වූ අතර දැනට HTML 5.0  භාවිතයේ පවතී.

01)HTML බාවිත කරන අකාරය.
සෑම HTML පිටුවකම ,   <html> , <head>, <title>, <body> , යන Tag හතර අඩන්ගු වේ. මේවා ලිවීම සදහා විෂේෂිත මෘදුකාන්ග අවෂ්‍ය නොවන අතර Note Pad හො Word Pad බාවිතයෙන් සිදු කල හැකිය.ඔබගේDesktop මත Click කිරීමෙන් Notepad එකක් විව්‍රත කර ගත හැක. (See 01 Picture)


විව්‍රත කර ගත් Note Pad එකෙහි පහත සදහන් අනුපිලිවෙලට Code ලිවීම සිදු කල  යුතුය.

<html>
<head>
<title>My First Web Page</title>
</head>
<body>
Hi,This Is My First Web Page.
</body>
</html>

මෙම Code එකෙහි  (My First Web Page සහ Hi,This Is My First Web Page. ) එම වචන වලට ඔබට කැමති දෙයක් දැමීමට හැක.(See 02 Picture)



02) සකස් කල වෙබ් පිටුව සේව් (Save) කිරීම.
මේ සදහා ඔබ සකස් කල Note Pad  හි File -> Save As Click කරන්න. ඉන්පසු ඔබ සකස් කරගත් Folde එකකට හො Desktop එකට Save කිරීමේදි කැමති නමක් මුලට යෙදිය හැකි අතර එය අවසන් කිරීමෙදී .html ලෙස භාවිත කල යුතුය.(eg – mywebpage.html) 
(See 03 Picture)

Save කල පසු වෙබ් පිටුව . (See 04 Picture)


තවත් පාඩමකින් නැවත හමු වෙමු.


Sinhala Penne Nathnam Me Soft Eka Down Kara Ganna Me Link Eken -  SIYABASA